එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප්ගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් තහවුරු කර තිබෙනවා.
ඔහු මානසික අවපීඩනයෙන් (depression) පෙලෙමින් සිටි පසුබිමකයි ග්‍රැහැම් තෝර්ප් මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ.
පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙම තොරතුරු අනාවරණය කර තිබෙනවා.
“අපි ඒ ගැන කතා කරන්න ලැජ්ජා වෙන්නේ නැහැ. සැඟවීමට කිසිවක් නැහැ, එය අපකීර්තියක් නෙවෙයි.” යනුවෙන් ග්‍රැහැම් තෝර්ප්ගේ වැඩිමහල් දියණිය සදහන් කළා.
මිය යන විට 55 වැනි වියේ පසු වූ තෝර්ප් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් හා එක්දින තරග 82 ක් ක්‍රීඩා කර තිබුණා.
2021-22 අළුබදුන තරගාවලිය දක්වා ග්‍රැහැම් තෝර්ප් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.