තෙවැනි T20I තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 2-0 ක් ලෙස දකුණු අප්‍රිකාවට

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවන්ට සිදු වුණා.

ජොහැනස්බර්ග්හි පැවැත්වීමට නියමිතව තිබූ තරගය කාසියේ වාසිය උරගා බැලීමකින් ද තොරවමයි අත්හැර දැමුණේ.

ඒ අනුව පළමු තරගය ලකුණු 11 කින් ද, දෙවැනි තරගය කඩුලු හතකින් ද ජය ගත් දකුණු අප්‍රිකව තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 17 වැනිදා Paarl හීදී ආරම්භ වීමට නියමිතයි.

big 3
Comments (0)
Add Comment