සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රියේ නිමා වුණා.
කඩුලු 17ක් දැවී ගිය තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 154 ක්.
ඔලී පෝප් ලකුණු 67 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 23 කට දැවී ගියා. බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 11 හා ඔලී රොබින්සන් නොදැවී ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 34 කට කඩුලු 4 ක් බිද හෙලුවා. කාගිසෝ රබාඩා ලකුණු 78 කට දවා ගත් කඩුලු ගණන 2ක්.
මෙම තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූයේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබූ පසුබිමකයි. අනතුරුව දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය අවලංගු කිරීමට සිදු වුණා.
ඒ අනුව තෙවැනි දිනයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාර්කෝ ජන්සෙන් ලකුණු 30 ක් රැස් කළ අතර, Khaya Zondo ලකුණු 23 කටත්, කේෂාව් මහරාජ් ලකුණු 18 කටත් දැවී ගියා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඔලී රොබින්සන් ලකුණු 49 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 41 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 36 ක්.