තෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක හා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

දෙවැනි තරගයෙන් ඉවත් කළ කුසල් මෙන්ඩිස් හා විශ්ව ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ කිසිදු විශේෂඥ දග පන්දු යවන්නෙකු නොමැතිවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග 2 ජය ගත් එංගලන්තය තරග 2-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් තරගය හෙට ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

top
Comments (0)
Add Comment