තුන්කොන් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට දී ඊයේ(28) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 117 ක් ලබා ගත්තා.

සංජනා කාවින්දි ලකුණු 28 ක් රැස් කළ අතර, සුමුදු නිසංසලා ලකුණු 19 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Hasrat Gill හා Eleanor Larosa කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

Eleanor Larosa නොදැවී ලකුණු 44 ක් රැස් කළා.  පන්දු යැවීමේ දී දෙව්මි විජේරත්න කඩුලු 2ක් දවා ගත්තා.

Comments (0)
Add Comment