තුන්කොන් තරගාවලියක් සහිත 2024-25 තරග වාරයේ ජාත්‍යන්තර තරග කාලසටහන පාකිස්තානය නිවේදනය කරයි

2024-25 තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(5) නිවේදනය කළා.

මෙම තරග කාලසටහන අනුව අගෝස්තු මාසයේ සිට ජනවාරි මාසය දක්වා වන කාලයේ දී පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 7 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දේශයයි.

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ද එරට ක්‍රිකට ආයතනය අද තහවුරු කළා.

බංග්ලාදේශයට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා ආරම්භ වන අතර, එංගලන්තයට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. කොදෙව්වන්ට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 16 වැනිදායි.

අනතුරුව පෙබරවාරි 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පාකිස්තානය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Pakistan’s home season 2024-25

Tests against Bangladesh

  • Aug 21-25: First Test, Rawalpindi
  • Aug 30-Sep 3: Second Test, Karachi

Tests against England

  • Oct 7-11: First Test, Multan
  • Oct 15-19: Second Test, Karachi
  • Oct 24-28: Third Test, Rawalpindi

Tests against West Indies

  • Jan 16-20, 2025: First Test, Karachi
  • Jan 24-28: Second Test, Multan

ODI tri-series vs NZ and SA

  • Feb 8: Pakistan v New Zealand, Multan
  • Feb 10: New Zealand v South Africa, Multan
  • Feb 12: Pakistan v South Africa, Multan
  • Feb 14: Final, Multan

Champions Trophy

  • Feb 19- Mar 9
Comments (0)
Add Comment