තීක්ෂන එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන නවතම අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි තීක්ෂන එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානයට පත් වීමට ඉන්දියාවේ ෂුබ්මන් ගිල් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ බාබර් අසාම් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

top
Comments (0)
Add Comment