තීක්ෂණගේ ආබාධය ගැන භානුක කරුණු පහදයි, බංග්ලාදේශ තරගයත් අහිමි වන ලකුණු

නෙදර්ලන්තය සමග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(22) පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී යි ඔහු ඒ බව සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධය හේතුවෙන් ඔහුව ඊළග තරගයෙන්, එනම් බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වනදා පැවැත්වෙන තරගයෙන් විවේක ගැන්වීමට ඉඩ ඇති බව ද භානුක කියා සිටියා.

නමුත් ඉන් අනතුරුව පැවැත්වෙන තරග සදහා ගැටලුවකින් තොරව මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කළ හැකි වනු ඇති බවයි ඔහු සදහන් කර සිටියේ.

SRI LANKA NEWS
Comments (0)
Add Comment