තිවාටියාගේ සුපිරි පිතිහරඹයෙන් රාජස්ථානයට යළිත් නොසිතූ ජයක් – Match Report

රාහුල් තිවාටියා සහ රියාන් පරග්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහි කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලකුණු 159ක ඉලක්කයක් ලබා දීමට පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් පිල සමත් වුණා.

එම ලකුණු සංඛ්‍යාව ඉනිම අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී පසුකර යාමට රාජස්ථාන් කණ්ඩායම සමත්වුණේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු හයිදරාබාද් පිලට නතු කරමින් ඉනිමේ දැවී ගිය කඩුලු 5 ලකුණු 78ක්ව තිබියදී බිද වැටුණා.

මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් මෙම ඉනිමේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නමුත් ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි.

කෙසේ වෙතත්, හයවන කඩුල්ල සදහා ලකුණු 85ක නොදැවුණු සබදතාවයක් ගොඩ නැගීමට රාහුල් තිවාටියා සහ රියාන් පරග් සමත් වුණා.

එය ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී හයවැනි කඩුල්ල සදහා ගොඩනැගුණු දෙවැනි ඉහළම නොබිදුණු ලකුණු සංඛ්‍යාවයි.

තිවාටියා පන්දු 28කින් නොදැවී ලකුණු 45ක් ද රියාන් පන්දු 26කින් නොදැවී ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 25කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඩුබායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේ මනිෂ් පාන්ඩේගේ ලකුණු 54න් සහ ඩේවිඩ් වෝනර්ගේ ලකුණු 48න් ශක්තිමත් වෙමින්.

පාන්ඩේගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

කේන් විලියම්සන් පන්දු 12කින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රාජස්ථාන් කණ්ඩායම සමත් වුණේ චෙන්නායි කණ්ඩායම 7 වැනි ස්ථානයට පත් කරමින්.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Comments (0)
Add Comment