සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(3) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු හයක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.
බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.
ෂ්රෙයස් අයියර් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 37 කින්. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් සමගින්. අක්සාර් පටෙල් ලකුණු 31 යි.
පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොෆ් හා Ben Dwarshuis කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.
බෙන් මැක්ඩමට් පන්දු 36 කින් ලකුණු 54 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් සමගින්.
මුකේෂ් කුමාර් කඩුලු 3 ක් දවා ගත් අතර, රවී බිෂ්නෝයි කඩුලු 2ක් දවා ගත්තා.