තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Wessly Madhevere හා Brandon Mavuta ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාගේ සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර, ඉදිරියේ දී අදාළ චෝදනා පිළිබද විභාගයක් පැවැත්වීමට නියමිතයි.
මෑතකදී සිදු කෙරුණු තහනම් උත්තේජක පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා තහනම් උත්තේජකයක් ලබා ගෙන ඇති බවට අනාවරණය වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විනය විභාගයකින් පසුව ඔවුන් දෙදෙනා වරදකරුවන් වුවහොත් ඔවුන්ට ලබා දෙන දඩුවම් කාලය පිළිබද තීරණය කරනු ඇති.
පසුගියදා අවසන් වූ අයර්ලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා ක්‍රීඩා කළ සිම්බාබ්වේ සංචිතයට මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ඇතුළත්ව සිටියා.
2020 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ Wessly Madhevere මේ දක්වා ටෙස්ට් තරග දෙකක්, ජාත්‍යන්තර එක්දින තරග 36 ක් හා 20යි 20 තරග 60 ක් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.
Brandon Mavuta ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2018 වසරේ දීයි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 12 ක් හා 20යි 20 තරග 10 ක් සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.