ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම අද ලක්නව් හී දී පැවැති පුහුණුවීම් කටයුතු සදහා එක්ව නොමැති බව සදහන්.
ඒ අනුව දසුන් ශානකට හා මතීෂ පතිරණට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.
එසේ වුවහොත් එම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති.
නායක දසුන් ශානකට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි අද දෙරණ වාර්තා කර ඇත්තේ.
ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.
මේ වන විට තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.