බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව සයිෆුදීන් වෙනුවට රුබෙල් හුසේන් බංග්ලාදේශ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
හුසේන් මෙතෙක් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි රැදී සිටියේ.
ආබාධයක් හේතුවෙන් නවසීලන්තයේ ලුකී ෆර්ගියුසන්ට ද ඊයේ දිනයේ දී තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.