තරගාවලියේ වීරයා වූ අශාන් ප්‍රියන්ජන්ට මෝටර් රථයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ සී.සී.සී. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට රුපියල් ලක්ෂ 20 ක් වටිනා මෝටර් රථයක් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව ඔහුට මුදලින් රුපියල් ලක්ෂයක් ද පිරිනැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වූ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාරට මුදලින් රුපියල් ලක්ෂ 5ක් ද ලබා දුන්නා.

එමෙන්ම දක්ෂතම පන්දු යවන්නා වූ බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්නට ද රුපියල් ලක්ෂ 5 ක මූල්‍ය ත්‍යාගයක් පිරි නැමීමටයි කටයුතු කෙරුණේ.

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය සංකේතපත් ප්‍රදානයට සමගාමීව මෙම ත්‍යාග පිරිනැමීම සිදුකෙරුණා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment