හෘදයාබාධයකට ලක්ව හදිසි ශල්‍යකර්මයකට මුහුණ දුන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් මේ වන විට යළි සිය නිවස වෙත පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපයේදී ඔහුට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට සිදු වනවා.
ශල්‍යකර්මයට මුහුණ දී දින දෙකකට පසුව තමිම්ව ඩකා නුවර වෙනත් රෝහලක් වෙත ඇතුළත් කර තිබූ අතර, එම රෝහලේ සිටයි ඔහු සිකුරාදා දිනයේදී යළි සිය නිවස කරා පිටත්ව ගොස් ඇත්තේ.
Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ පසුගිය 24 වැනිදා සවාර්හීදී පැවැති Shinepukur ක්‍රිකට් සමාජයට එරෙහි තරයේදී Mohammedan ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඔහු මෙම හෘදයාබාධයට ලක්ව තිබුණා.