තමිම් ඉක්බාල්ට දරුණු හෘදයාබාදයක්

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් දරුණු හෘදයාබාදයකට ලක්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ අද පැවැති තරගයක් අතරතුරදීයි.

පන්දු රකිමින් සිටියදී තමිම්ට පපුවේ වේදනාවක් ඇතිව තිබෙන අතර, අනතුරුව වහාම ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව සදහන්.

ඔහුට මේ වන විට ශල්‍යකර්මයක් සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අද දින පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ රැස්වීමක් ද මේ හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ද මේ වන විට රෝහලට පැමිණ සිටින බව සදහන්.

top
Comments (0)
Add Comment