තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ, සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින්.
මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියට සමු දීමට නියමිතව සිටි නමුත්, ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ද අවසන් වන තුරු ක්‍රීඩා කිරීමට මේ වන විට හැකි වී නැහැ.
ලබන මාසයේ දී 41 වන වියට පා තබන බ්‍රාවෝ විස්සයි 20 තරග 582 කදී කඩුලු 631 ක් දවා ගෙන ඇති අතර, එම කඩුලු ප්‍රමාණය විස්සයි 20 පිටියේ දී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු ගණන ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.
ඩ්වේයන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 2021 වසරේ දී යි.
පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය මේ වන විට ආරම්භ කරමින් සිටින බ්‍රාවෝ චෙන්නායි සුපර් කිංග්ස් හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් මේ වන විට දරා තිබෙනවා.
IPL, PSL, BBL ශූරතා ජය ගෙන ඇති බ්‍රාවෝ කොදෙව්වන් නියෝජනය කරමින් දෙවරක් ලෝක විස්සයි 20 ශූරතාවය ද දිනා ගත්තා.