ඩ්‍රාවිඩ්ගේ පුතා රුපියල් 50,000 කට වොරියර්ස් කණ්ඩායමට අලෙවි වෙයි

ඉන්දීය හිටපු නායකයෙකු මෙන්ම හිටපු පුහුණුකරු ද වන රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුත්‍රයා වන සමිත් ඩ්‍රාවිඩ් Maharaja Trophy KSCA T20 තරගාවලියට අදාළව සිය පළමු කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබෙනවා.

ඒ, එම තරගාවලියේ පසුගියවර අනුශූරයින් වන Mysuru Warriors කණ්ඩායම විසින් ඔහුව බැංගලූරුහී දී පැවැති වෙන්දේසියේ දී මිලදී ගැනීමත් සමගයි.

18 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩ්‍රාවිඩ් ඉන්දීය රුපියල් 50,000 ක මිලකට එම කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

2023-24 Cooch Behar කුසලානය ජය ගත් කර්නාටක වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ද ඔහු නියෝජනය කළා.

සමිත් ඩ්‍රාවිඩ් මද‌ වේග පන්දු යවන්නෙකු මෙන්ම මැද පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනවා.

Comments (0)
Add Comment