ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ තරග නිළධාරීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(8) නිවේදනය කළා.

ඒ අනුව තරග තීරකවරයා ලෙස ක්‍රිස් බ්‍රෝඩ් කටයුතු කිරීමට නියමිතයි.

පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ Richard Illingworth සහ Michael Gough.

තෙවන විනිසුරු ලෙස Richard Kettleborough ද, සිව්වන විනිසුරු ලෙස Alex Wharf ද කටයුතු කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ලබන 18 වනදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment