ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

පළමු වරට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කෙරුණු මෙම ටෙස්ට් සංචිතයේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනවා.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරුවෙකු වන ලහිරු උදාර, දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයින් වන චාමික ගුණසේකර හා මිලාන් රත්නායක ඇතුළත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කමිදු මෙන්ඩිස් ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය විශේෂඥ දග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

මිලාන් හා චාමික හැරුණු විට වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත් කර ඇත්තේ අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත යන ක්‍රීඩකයින්.

පැතුම් නිස්සංකට සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතය සදහා නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Squad
1) Dhananjaya de Silva – Captain
2) Kusal Mendis – Vice Captain
3) Dimuth Karunaratne
4) Nishan Madushka
5) Angelo Mathews
6) Dinesh Chandimal
7) Sadeera Samarawickrama
8) Ramesh Mendis
9) Asitha Fernando
10) Vishwa Fernando
11) Kasun Rajitha
12) Kamindu Mendis
13) Prabath Jayasuriya
14) Lahiru Udara
15) Chamika Gunasekara
16) Milan Rathnayake

Comments (0)
Add Comment