නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හා විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණෙහි වෙනස්කම් සිදුව තිබෙනවා.
ඒ අනුව පසුගිය සතියේදී ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පත් වූ හැරී බෘෘක් අභිබවා යමින් යළිත් වරක් ජෝ රූට් එහි දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනා දැක් වූ දක්ෂතාවල ප්‍රතිපල මතයි.
බාෘක් මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන අතර, කමිදු මෙන්ඩිස් 6 වැනි ස්ථානයේ පසුවනවා. දිනේෂ් චන්දිමාල් 14 වැනි ස්ථානය දක්වාත්, ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සී සදහන් කළේ.
මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ප්‍රභාත් ජයසූරිය පසුබැසීමකට ලක්ව ඇති අතර, අසිත ප්‍රනාන්දු 15 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ද එක් ස්ථානයකින්.
මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් අතර පෙරමුණට පත් වීමට කොදෙව් දූපත්හි අකීල් හොසේන් සමත්ව තිබෙනවා. ඔහු ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඒ අනුව අඩිල් රෂීඩ් දෙවැනි ස්ථානය දක්වාත්, වනිදු හසරංග තෙවැනි ස්ථානය දක්වාත්, ඇඩම් සම්පා සිව්වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පසුබැස තිබෙනවා. මහීෂ් තීක්ෂණ රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.
විස්සයි 20 පිතිකරුවන් අතර පෙරමුණ තවදුරටත් ට්‍රැවිස් හෙඩ් විසින් හොඹවනු ලබන අතර, පැතුම් නිස්සංක එහි සම 9 වැනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 11 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.