Match Preview : ටෙස්ට් ඉතිහාසය අලුත් කරමින් ඇෆ්ඝන් අභියෝගයට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව හෙට තරග බිමට

ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් තරගය සජීවීව විකාශය කෙරෙන නාලිකා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(2) ආරම්භ වනවා. තරගය පෙරවරු 10ට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය සදහා පිරිනමන ශූරතා කුසලානය එළිදැක්වීම අද පස්වරුවේ දී කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරුණා. ඒ, කණ්ඩායම් දෙකේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම තරගය ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වන අතර, ඇෆ්ඝනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය ද මෙම ටෙස්ට් තරගයයි.

ඇෆ්ඝනිස්ථානය මේ දක්වා ටෙස්ට් තරග හතක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග තුනක් ඔවුන් ජය ගෙන තිබෙනවා. එම ජයග්‍රහන අයර්ලන්තයට, බංග්ලාදේශයට හා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි ඔවුන් වාර්තා කර ඇත්තේ.

ඇෆ්ඝනිස්ථානය සිය පළමු ටෙස්ට් තරග හය අවසන් වන විට එම ජයග්‍රහන 3 වාර්තා කර තිබූ අතර, ශ්‍රී ලංකාවට එලෙස ටෙස්ට් තරග 3ක් ජය ගැනීම සදහා තරග 42 ක් ක්‍රීඩා කිරීමට සිදුව තිබුණා.

ඇෆ්ඝනිස්තානයට එරෙහි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වන්නේ සෙසු ටෙස්ට් රටවල් 11 සමගම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ලොව දෙවැනි රට ලෙසයි. මීට පෙර එලෙස සියලු රටවල් සමග ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබුණේ බංග්ලාදේශය පමණයි.

කණ්ඩායම් දෙක

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණි බැවින් ඔවුන්ට ටෙස්ට් තරගය සදහා මෙරට දී සූදානම් වීමට සැලකිය යුතු කාලයක් ලැබුණේ නැහැ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද පස්වරු දෙකට පමණ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණුවීම්වල නිරත වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ද අද පෙරවරු 10.30ට පමණ සිය පුහුණුවීම්වල නිරත වුණා.

© SLC

පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයකින් පසුව මෙතෙක් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති ඇෆ්ඝනිස්තාන සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙම තරගය සදහා වන ඇෆ්ඝනිස්ථාන සංචිතයට නම් කෙරුණේ නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක Mohammad Saleem මෙම ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට බොහෝ විට ඉඩ ඇති අතර, දග පන්දු යවන්නන් ලෙස මෙම තරගයේ දී Zia-ur-Rehman හා Zahir Khan කටයුතු කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ශ්‍රී ලංකාව රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය යන විශේෂඥ දග පන්දු යවන්නන් දෙදෙනා සමගින් මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව නොරහසක්. වේග පන්දු යවන්නන් ලෙස අසිත ප්‍රනාන්දු හෝ කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

කෙසේ වෙතත්, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන චාමික ගුණසේකර හා මිලාන් රත්නායක ද සංචිතයේ රැදී සිටිනවා. ඇතැම් විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇති.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරුවෙකු වන ලහිරු උදාර ද සංචිතයට නම් කර ඇතත්, ඔහුට තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවේයැයි අපේක්ෂා කළ නොහැකියි.

  • ක්‍රීඩා කළ හැකි බවට අපේක්ෂා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando/Kasun Rajitha, Vishwa Fernando

  • ක්‍රීඩා කළ හැකි බවට අපේක්ෂා කළ හැකි ඇෆ්ඝනිස්තාන කණ්ඩායම –

Ibrahim Zadran, Abdul Malik, Rahmat Shah, Hashmatullah Shahidi (c), Nasir Jamal, Bahir Shah, Ikram Alikhil (wk), Zia-ur-Rehman, Yamin Ahmadzai, Mohammad Saleem, Zahir Khan

තණතීරුව හා කාළගුණය

තරගය සදහා ලැබෙන එස් එස් සී තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක් නොවනු ඇති බව සදහන්.

තරගයට පෙර දිනයේ දී තණතීරුව තරමක් කොළ පැහැයෙන් යුතුව පැවැති අතර, ඒ අනුව පළමු දිනයේ උදෑසන කාලයේ දී වේග පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකම දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගනිමින් මෙම තරගයට පිවිසෙනවා වෙනුවට වේග පන්දු යවන්නන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට ඉඩ පවතිනවා.

කොළඹ අවට ප්‍රදේශයට යහපත් කාළගුණ තත්ත්වයක් පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර, කෙටි වැසි වාර කිහිපයක් පමණක් ඇතැම් විට ඇද හැලෙනු ඇති.

විකාශනය කෙරෙන නාලිකා

තරග සංචාරයේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත TV නාලිකාවටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ද හෙට ආරම්භ වන ටෙස්ට් තරගය සජීවීව නැරඹිය හැකියි.

ඊට අමතරව ඩයලොග් හා PEO TV පාරිභෝගිකයින්ට මෙම ටෙස්ට් තරගය නැරඹිය හැකි වන්නේ Ten Cricket නාලිකාව හරහායි.

ටෙස්ට් තරගය ලොව පුරා විකාශය කෙරෙන ආකාරය පහතින් –

Sri Lanka

  • Siyatha TV – Terrestrial
  • SLC Youtube
  • Ten Cricket (Dialog) & SLT (IPTV)

Afghanistan

  • Primary platform: Ariana Radio & Television (TV & Digital),
  • Secondary platform: Ariana News (TV), Afghan Wireless (Website)

UK & Ireland: TNT (TV & Digital)
India: Sony Sports Ten 5 & Sony LIV
Pakistan: Sony LIV & Ten Sports Pakistan
Rest of sub-continent minus India & Pakistan: Ten Cricket + Sony Liv
MENA: Etisalat (TV & Digital)

Sony LIV will stream the matches in –

Afghanistan, Australia, Austria, Bangladesh, Belgium, Bhutan, Canada, Denmark, Finland, France, Germany, Greece, Hong Kong, India, Indonesia, Italy, Japan, Malaysia, Maldives, Nepal, Netherlands, New Zealand, Norway, Pakistan, Philippines, Poland, Portugal, Singapore, Spain, Sweden, Switzerland, Thailand, United States, Nigeria, South Africa, Kenya, Mauritius, Trinidad & Tobago, Guyana, Suriname, Jamaica

සංචිත දෙක

Sri Lanka Squad
Dhananjaya de Silva (C), Kusal Mendis, Dimuth Karunaratne, Nishan Madushka, Angelo Mathews, Dinesh Chandimal, Sadeera Samarawickrama, Ramesh Mendis, Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Kamindu Mendis, Prabath Jayasuriya, Lahiru Udara, Chamika Gunasekara, Milan Rathnayake

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vc), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem, Naveed Zadran

Match Officials for the Test Match

Chris Broad – ICC Elite Referee
Michael Gough – ICC Elite Umpire
Alex Wharf – ICC Umpire
Chris Brown – ICC Umpire
Prageeth Rambukwella – ICC umpire

Comments (0)
Add Comment