නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත ටෙස්ට් තරග සංචාරයේ අවසන් තරගයෙන් පසුව තමා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවයි ඔහු සදහන් කළේ.
35 හැවිරිදි සවුති මේ දක්වා ටෙස්ට් තරග 104 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 385 ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන ඇති පන්දු යවන්නන් අතර ඔහුට හිමි වන්නේ දෙවැනි ස්ථානයයි.
නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේ කඩුලු 431 ක් දවා ගෙන ඇති රිචර්ඩ් හැඩ්ලි.
2008 වසරේ දී ටෙස්ට් පිටියට පිවිසි ටිම් සවුති ටෙස්ට් ලකුණු 2,185 කට ද හිමිකම් කියනවා.
2025 වසරේ දී ජූනි මාසයේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා නවසීලන්තය සුදුසුකම් ලැබුවහොත් පමණක් සවුති එම තරගයට ද ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.
නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අවසන් තරගය හැමිල්ටන්හීදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වැනිදායි.