මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 89 කට දවා ගනිමින් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.
අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 89 කට දැවී ගියේ පන්දුවාර 17.3 ක් තුළදීයි.
එය අයි.පී.එල් ඉතිහාසයේ දී ටයිටන්ස් කණ්ඩායම දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන අතර, මෙම තරග වාරයේ දී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ද වනවා.
රෂීඩ් ඛාන් පන්දු 24 කින් ලකුණු 31 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ටයිටන්ස් පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාවට පැමිණි සෙසු පිතිකරුවන් වූයේ සායි සුදර්සන් (ලකුණු 12) හා රාහුල් තෙවාටියා (ලකුණු 10) පමණයි.
පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉෂාන්ට් ෂර්මා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 8.5 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Jake Fraser-McGurk ලකුණු 20 ක්, ෂේයි හෝප් ලකුණු 19 ක් හා රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා. අභිෂේක් පොරෙල් ලකුණු 15 යි.
පන්දු යැවීමේ දී සංදීප් වොරියර් කඩුලු දෙකක් දවා ගත්තා.