එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන පුහුණු කදවුරේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා මැතිව් පොට්ස් ආදේශ කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, එක්දින තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර නැහැ.
එක්දින තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා ද, 20යි 20 තරගාවලිය 12 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.