ස්කොට්ලන්තය හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක ස්පෙන්සර් ජොන්සන්ට අහිමි වී තිබෙනවා.
ඒ, Oval Invincibles කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔහු මීට පෙර එංගලන්තයට එරෙහි තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.