ජැෆ්නා ස්ටැලියන්ස් නිල ඇදුම එළි දැක්වීමට සියල්ල සූදානම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නිල ඇදුම හෙට(23) දිනයේ දී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

එය ස්ටැලියන්ස් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය විසින් අමෙරිකාවේ දී නිර්මාණය කර ඇති බව සදහන්.

එහි නිෂ්පාදන කටයුතු මෙරට දී සිදු කර තිබෙනවා.

මේ අතර, කණ්ඩායමේ නායක තිසර පෙරේරා හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී ශාරීරික ව්‍යායාමවල නිරත වන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

Comments (0)
Add Comment