එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් සිය වම් දණහිසේ සිදුව ඇති ආබාධය හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙවර ඉන්දීය තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදීයි ඔහු දණහිසේ ආබාධයකට ලක්වුණේ.
දෙවැනි දිනයේ පෙරවරු කාලයේ දී පන්දු රකිමින් සිටියදී එම ආබාධය උත්සන්න වී තිබුණා.
කෙසේ වෙතත්, ලීච් එම තරගයේ දී පන්දුවාර 36 ක් යොමු කරමින් කඩුලු දෙකක් දවා ගත් අතර, තරගයෙන් එංගලන්තය ලකුණු 28ක ජයක් ද වාර්තා කළා.
නමුත්, අනතුරුව මෙම ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් වීමට ද සිදු වුණා. ඔහු අගහරුවාදා දිනයේ දී ශල්‍යකර්මයට මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.