පුහුණු වැඩසටහන් පවත්වමින් දේශීය පුහුණුකරුවන්ට මෙන්ම භෞතචිකිත්සකයින්ට (local coaches, trainers, physiotherapists) ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළේ.
පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සක Alex Kountouri මෙලෙස අදාළ පුහුණු වැඩසටහන් සදහා එක්කර ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර, අද සිට ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ලබා දෙන තරග ගාස්තු ප්‍රමාණය ඉහළ නැංවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
විධායක කමිටුව ගත් තීරණ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –