ජයවර්ධනගේ නායකත්වයෙන් යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(10) පස්වරුවේ නිවේදනය කෙරුණා.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කිරිමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය හෙට(11) පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මීට පෙර තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා එරට ක්‍රීඩාංගන පහකදී පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 41 ක් ඇතුළත්. ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 16 ක්.

ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය A කාණ්ඩයට ද, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය B කාණ්ඩයට ද, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා නැමීබියාව C කාණ්ඩයට ද, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, නවසීලන්තය හා නේපාලය D කාණ්ඩයට ද ඇතුළත්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි 21 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවත්, දෙවැනි තරගය ජනවාරි 24 වැනිදා නැමීබියාවට එරෙහිවත්, තෙවැනි තරගය ජනවාරි 28 වැනිදා ඔස්ට්‍රේලියාට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට හා ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.

The Squad

1) Sineth Jayawardena – Captain
2) Pulindu Perera
3) Hirun Kapurubandara
4) Ravishan Nethsara
5) Rusanda Gamage
6) Sharujan Shanmuganathan
7) Dinura Kalupahana
8) Malsha Tharupathi – Vice Captain
9) Vishwa Lahiru
10) Garuka Sanketh
11) Duvindu Ranatunga
12)Ruvishan Perera
13) Supun Waduge
14) Vihas Thewmika
15) Vishen Halambage

Travelling Reserves
1) Dinuka Tennakoon
2) Hiran Jayasundara

Comments (0)
Add Comment