එළඹෙන මාසයේ දී සිදු කිරීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා එංගලන්ත තරග සංචාර සදහා වන නවසීලන්ත පන්දුවාර 20යි 20 සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
සංචිත සදහා යළි වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් ජමීසන් කැදවා තිබීම විශේෂත්වයක්.
පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ දී ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ අතර, ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඔහුට සිදු වුණා.
Dean Foxcroft හා Adi Ashok පළමු වරට 20යි 20 සංචිතය සදහා නම් කර තිබෙනවා.
25 හැවිරිදි Foxcroft දකුණු අප්‍රිකාවේ උපත ලැබූ අයෙකු වන අතර, මෑතකදී ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගාවලිය සදහා ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ෆින් ඇලන්, ඩෙවෝන් කොන්වේ, මැට් හෙන්ටි, ග්ලේන් ප්ලිප්ස්, ඇඩම් මිල්න්, ඩැරල් මිචෙල් හා ඉෂ් සෝදි යන ක්‍රීඩකයින් ඇතුළත්ව නැහැ.
කෙසේ වෙතත්, ඔවුන් එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් තරගාවලියට එක් වීමෙන් පසුව නවසීලන්ත සංචිතය සමග එංගලන්තයේ දී එක්වීමට නියමිතයි.
එක්සත් අරාබියට එරෙහි තරග 3 කින් යුත් තරගාවලිය අගෝස්තු 17 වැනිදා ඩුබායි හී දී ද, එංගලන්තයට එරෙහි තරග 4කින් යුත් තරගාවලිය අගෝස්තු 30 වැනිදා ඩර්හැම් හී දී ද ආරම්භ වීමට නියමිතයි.
New Zealand T20I squads
UAE tour:
Tim Southee (c), Adi Ashok, Chad Bowes, Mark Chapman, Dane Cleaver, Lockie Ferguson, Dean Foxcroft, Kyle Jamieson, Cole McConchie, Jimmy Neesham, Rachin Ravindra, Mitchell Santner, Tim Seifert, Henry Shipley, Will Young.
England tour:
Tim Southee (c), Finn Allen, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Kyle Jamieson, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Tim Seifert, Ish Sodhi.
T20I Tour Schedule
vs UAE
- Aug 17 – 1st T20I v UAE – Dubai
- Aug 19 – 2nd T20I v UAE – Dubai
- Aug 20 – 3rd T20I v UAE – Dubai
vs England
- Aug 30 – 1st T20I v England – Durham
- Sept 1 – 2nd T20I v England – Manchester
- Sept 3 – 3rd T20I v England – Birmingham
- Sept 5 – 4th T20I v England – Nottingham