ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු දණහිසෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ ඔහු මේ වන විට පසුවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.
ජඩේජා වෙනුවට අක්සාර් පටෙල් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
පටෙල් මීට පෙර ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබූ අතර, ඔහු කඩිනමින් ඩුබායි හී දී ඉන්දීය සංචිතය සමග එක් වනු ඇති.
India’s squad for Asia Cup:
Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wk), Dinesh Karthik (wk), Hardik Pandya, Axar Patel, R. Ashwin, Yuzvendra Chahal, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Arshdeep Singh, Avesh Khan