චෙන්නායි පරදා ටයිටන්ස් කණ්ඩායමෙන් 2023 IPL තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‌ය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පසුගියවර අයි.පී.එල් ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිමා නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටයිටන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂුබ්මන් ගිල් පන්දු 36 කින් වේගවත් ලකුණු 63 ක් වාර්තා කළා. ඔහු සමග ඉනිම ආරම්භ කළ ව්රිධිමන් සහා ලකුණු 25 යි.

විජයි ශන්කර් ලකුණු 27 ක් ද, බලපෑම් ක්‍රීඩකයා හෙවත් Impact Player ලෙස ක්‍රීඩා කළ සායි සුදර්සන් ලකුණු 22 ක් ද රැස් කළා.

රාහුල් තෙවාටියා නොදැවී ලකුණු 15 ක් හා රෂීඩ් ඛාන් ‌නොදැවී ලකුණු 10 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී Rajvardhan Hangargekar ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

සුපරි ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වඩ් පන්දු 50 කින් ලකුණු 92 ක් රැස් කිරීමට සමත් වුණා, ඒ්, හයේ පහර 9 ක් හා හතරේ පහර 4 ක් සමගින්.මොයීන් අලී ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි, රෂිඩ් ඛාන් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Comments (0)
Add Comment