චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

අතරමගදී අත්හිටු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ඊයේ(19) ආරම්භ වූයේ තරගාවලියේ 30 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 20ක ජයක් හිමි කර දෙමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ මෙම තරග ජයග්‍රහනයත් සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින්.

චෙන්නායි හා දිල්ලි කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 6 බැගින් ජය ලබා හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග 7කදී තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10ක් ලබා තෙවන ස්ථානයේ පසුවනවා.

සිව්වන ස්ථානයේ රැදී සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියනවා.

WORLD NEWS
Comments (0)
Add Comment