චිකුන්ගුන්යා නිසා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයක් කල් යයි

කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ජූනි 6 වැනිදා තරගාවලිය ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, මෙරට පවතින වැසි සහිත අයපහත් කාළගුණ තත්ත්වය හා චිකුන්ගුන්යා රෝගී තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බවයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති Mohsin Naqvi සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සලයට කළ දැනුම් දීමකින් පසුව තරගාවලිය මෙලෙස කල් දමා ඇති බව සදහන්.

Comments (0)
Add Comment