ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඔහුට අමතරව ජොනී බෙයාර්ස්ටව් හා රිචර්ඩ් ග්ලීසන් සමග ද එම කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.
Will Jacks, Ryan Rickelton හා Corbin Bosch වෙනුවට ඔවුන් තිදෙනා මුම්බායි සංචිතයට එක්ව තිබෙනවා.
Jacks, Rickelton හා Bosch මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයෙන් පසුව ජාතික කණ්ඩායමේ වගකිම් වෙනුවෙන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට නියමිතයි.
Corbin Bosch වෙනුවට චරිත් අසලංක මුම්බායි සමග ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.