නවසීලන්තයේ පැවැත්වෙන Super Smash කාන්තා තරගාවලියේ 2023-24 තරග වාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, මේ දිනවලදී ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඇය සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් සුවිශේෂි දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින පසුබිමකයි.
මේ වන විට මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය වන්නේ ද ඇයයි.
ඉනිම් 12 කදී චමරි අතපත්තු ලකුණු 451 ක් රැස් කර සිටින අතර, ඉනිමක සාමාන්‍ය 45.10 ක් ලෙස හා ප්‍රහාරාත්මක වේගය 134.62 ක් ලෙස සටහන්ව තිබෙනවා.
Super Smash කාන්තා තරගාවලියේ 2023-24 අදියර යටතේ Northern Brave කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.