ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
කාණ්ඩ 4ක් යටතේ මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තබා ඇති අතර, A කාණ්ඩයට අයත් කොන්ත්‍රාත්තුවක් හිමිව ඇත්තේ චමරි අතපත්තුට පමණයි.
මැයි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කොන්ත්‍රාත් පිරිනමා ඇති අතර, ඊට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහ නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් –