චමරිගේ සිඩ්නි පරදා හෝබාර්ට් කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

Match Report

ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හරිකේන්ස් පිල කඩුලු 7 ක් දැවී ලකුණු 141 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි පිලට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

සිඩ්නි ඉනිමේ පළමු පන්දුවෙන්ම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැවී ගියා (දර්ශන පහතින්). කෙසේ වෙතත්, පළමුව පන්දුවට පහරදුන් හරිකේන්ස් ඉනිමේ කඩුලු දෙකක් දවා ගැනීමට චමරි සමත් වුණේ ලකුණු 26 ක් ලබා දෙමින්.

හෝබාර්ට් ඉනිම වෙනුවෙන් Nicola Carey ලකුණු 52(38) ක් ලබා ගත්තා. චමරිට අමතරව සාර්ථක පන්දු යැවීමක නිරත වූ Samantha Bates ලකුණු 20 කට බිද හෙලූ කඩුලු ගණන 3 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම වෙනුවෙන් Phoebe Litchfield ලකුණු 51(37) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Heather Graham ලකුණු 19 කට කඩුලු 3 ක් ද, Lauren Smith හා Chloe Tryon කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

Comments (0)
Add Comment