කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(7) සමත් වුණා.
පර්ත්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.
Heather Knight නොදැවී ලකුණු 59(34) ක් රැස් කළ අතර, නායිකා Phoebe Litchfield ලකුණු 40(25) ක් හා චමරි අතපත්තු ලකුණු 33(25) ක් රැස් කළා. චමරිගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත්.
පන්දු යැවීමේ දී Jess Jonassen ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් පිල පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.
Charli Knott ලකුණු 55(37) ක් හා Grace Harris ලකුණු 41(31) ක් රැස් කළා.
පන්දු යැවිමේ දී Samantha Bates කඩුලු 4 ක් දවා ගත් අතර, චමරි අතපත්තු හා Taneale Peschel අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.
මේ වන විට ක්‍රීඩා කළ තරග හතරෙන් තරග 3ක් ජය ගත් සිඩ්නි තන්ඩර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණේ පසුවනවා.