ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විශේෂයෙන් වෙන්කළ ආසන කලාපයක් නම් කිරිමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත සිඩ්නි සික්සර්ස් හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම් අතර තරගය වෙනුවෙනුයි මෙම නම් කිරීම සිදු කිරීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව “Chamari Bay” යනුවෙන් එම ආසන කලාපය නම් කිරීමට කටයුතු කිරීමට නියමිතයි.
මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලියේ දී තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් චමරි මේ වන විට ඉනිම 9කදී ලකුණු 374 ක් ලබා සිටිනවා. ඒ, ඉනිමක සාමාන්‍ය 41.55 ක් ලෙස සටහන් කර ගනිමින්.
මෙවර තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණුලාභිනිය වන්නේ ද චමරි අතපත්තුයි.
සිය නමින් ආසන කලාපයක් නම් කිරීම සම්බන්ධයෙන් චමරි අතපත්තු මෙලෙස අදහස් දක්වා සිටියා :
“I am truly honored and thrilled to have a dedicated seating zone named after me at the Sydney Cricket Ground. It’s a special moment for me, and I am looking forward to the match at this iconic venue. I hope ‘Chamari Bay’ becomes a gathering place for cricket enthusiasts and brings people together to celebrate the spirit of the game,”