අද පැවැත්වීමට නියමිත මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායමේ රදවා ගැනීමට හා සෘජුවම ගිවිසුම්ගත වීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.
ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සෘජුව ගිවිසුම්ගත වූ හා සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්. ඊට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.
එම ක්‍රීඩකයින් වන්නේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, සර්ෆරාස් අහ්මඩ්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, ලක්ෂාන් සදකැන්, නුවන් තුෂාර හා පුලින තරංගයි.
කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.