ගිල්ගේ ශතකය තෙවැනි දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කරයි

Day 3 Report

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (11) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 480 ට පිළිතුරු වශයෙන්.

ෂුබ්මන් ගිල් ලකුණු 128 ක් රැස් කළ අතර, ඔහු සමග ඉනිම ආරම්භ කළ රෝහිත් ෂර්මා ලකුණු 35 කට දැවී ගියා. චෙටස්වර් පුජාරා ලකුණු 42 යි.

විරාත් කෝලි නොදැවී ලකුණු 59 ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 16 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී නේදන් ලයන්, මැතිව් කුහ්නෙමන් හා ටෝඩ් මර්ෆි කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 191 ක්.

big 3
Comments (0)
Add Comment