කෝලි හා බබාර් සමගින් දිමුත් එක් ස්ථානයකින් පසු බසියි

නවතම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි ටෙස්ට් පිතිකරුන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 152ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ට්‍රැවිස් හෙඩ් ස්ථාන 16කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 10 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඩේවිඩ් වෝනර් ද ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ 6 වැනි ස්ථානය දක්වායි.

ඒ හේතුවෙන් මෙතෙක් 7 වැනි ස්ථානයේ පසු වූ දිමුත් කරුණාරත්න මේ වන විට 8 වැනි ස්ථානය දක්වාත්, 6 වැනි ස්ථානයේ පසු වූ විරාට් කෝලි 7 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පසුබැස තිබෙනවා.

8 වැනි ස්ථානයේ පසු වූ බබාර් අසාම්ට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

Comments (0)
Add Comment