ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිද අනුෂ්කා ෂර්මාගේ මුම්බායිහි පිහිටි නව නිවස පිළිබද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වනවා.
ඒ, එම නිවසේ ඇතුළත ඡායාරූප සමාජ මාධ්‍ය ඔසසේ හුවමාරු වීමත් සමගයි.
විරාට් සහ අනුෂ්කා 2016 වසරේ දී මුම්බායිහි වෝර්ලි ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 34ක මුදලකටයි.
එම නිවස 35 වන මහලේ පිහිටා ඇති අතර, තවමත් එය ඉදිකරමින් පවතින බැවින් ඔවුන් මේ වන විට එම ප්‍රදේශයේම වෙනත් නිවසක පදිංචි වී සිටින බව සදහන්.
ඒ සදහා ඔවුන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 15ක පමණ මාසික කුලියක් ගෙවීමට සිදු වන බවයි වාර්තා වන්නේ.
කෝලි සහ අනුෂ්කා වාසය කරන වත්මන් නිවස සහ පදිංචි වීමට නියමිත නිවසට අදාළ ඡායාරූප පහතින් –
(මූලාශ්‍රය – india times)