කෝලි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඉන්දීය සංචිතයට රාජත් පටිදර් ඇතුළත් කර තිබෙනවා.

සුපිරි පිතිකරු විරාත් කෝලි පෞද්ගලික හේතුවක් මත පළමු තරග දෙකෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙනුයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව එම පියවර ගෙන ඇත්තේ.

පටිදර් මෙලෙස ඉන්දීය ටෙස්ට් සංචිතයට කැදවීමට තීරණය කිරීමත් සමග චෙටස්වර් පුජාරා හා අජින්කෙයා රහානේ වෙත එරට තේරීම් කමිටුවේ අවධානය මේ වන විට යොමුව නොමැති බව පැහැදිලි වනවා.

පටිදර් ඉන්දීය A කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය සතියේ දී අහ්මදාබාද් හී දී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 151 ක් රැස් කිරීමට සමත් වුණා. එම තරගයට පෙර ද එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ඔහු ලකුණු 111 ක් ලබා ගනිමින් පිත්තෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කළා.

30 හැවිරිදි රාජත් පටිදර් මේ දක්වා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක් එක්දින ජාත්‍යන්තර තරගයක් පමණයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලිය හෙට (25) ආරම්භ වීමට නියමිතයි.

India squad for first two Tests against England :

Rohit Sharma (c), Shubman Gill, Yashasvi Jaiswal, Shreyas Iyer, KL Rahul (wk), KS Bharat (wk), Dhruv Jurel (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohammed Siraj, Mukesh Kumar, Jasprit Bumrah (vice-capt), Avesh Khan, Rajat Patidar

England Test squad:

Ben Stokes (c), Rehan Ahmed, James Anderson, Gus Atkinson, Jonny Bairstow, Shoaib Bashir, Dan Lawrence, Zak Crawley, Ben Duckett, Ben Foakes, Tom Hartley, Jack Leach, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood.

Comments (0)
Add Comment