ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මාගේ අලුත උපන් දියණියගේ නම පළමු වරට අද(1) අණාවරණය කෙරුණා.
අනුෂ්කා ෂර්මා විසින් සමාජජාලා මාධ්‍ය වෙත සටහනක් එක්කරමිනුයි ඔවුන්ගේ දියණියගේ නම අණාවරණය කළේ.
ඒ අනුව ඇයට ඔවුන් විසින් නම් තබා ඇත්තේ “වමිකා” (Vamika) ලෙසයි.
දුර්ගා දේවතාවිය හදුන්වනු ලබන සමාන නමක් වශයෙන් ද “වමිකා” යන නාමය හැදින්විය හැකියි.
සිය දියණිය සමග ඇය සහ විරාට් කෝලි සිටින ඡායාරූපයක් ද අනුෂ්කා ෂර්මා විසින් පළමු වරට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
සිය පවුලට සුබ පැතුම් එක් කළ සියලු දෙනාට ස්තූතිය පල කිරීමට ද අනුෂ්කා ෂර්මා අමතක කර නැහැ.