කෝලිගේ සාමාන්‍ය 50 න් පහළට

ඉන්දීය හිටපු නායක සුපිරි පිතිකරු විරාට් කෝලිගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය අද දිනයේ දී 50 සීමාවෙන් පහළට ඇද වැටුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග බැංගලූරුහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 13(16)කට දැවී යාමත් සමගයි.

ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනුයි කෝලි දැවී ගියේ.

පළමු ඉනිමේ දී ද ඔහු රැස් කළේ ලකුණු 23ක් පමණයි.

2017 වසරේ අගෝස්තු මාසයෙන් පසුවයි විරාට් කෝලිගේ පිතිකරණ සාමාන්‍ය මෙලෙස 50 සීමාවෙන් පහතට ඇද වැටුණේ.

මේ වන විට ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 49.95ක් ලෙසයි.

ඔහු ටෙස්ට් තරග 18කින් ශතකයක් වාර්තා කිරීමට ද සමත්ව නැහැ.

Comments (0)
Add Comment