කෝලිගේ පෞද්ගලික ප්‍රශ්නය එංගලන්ත තරගාවලියටත් බලපායි – පළමු තරග දෙකෙන් ඉවතට

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකෙන් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තරග දෙකෙන් ඉවත්ව ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

කෝලි වෙනුවට සංචිතයට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් නම් කර නොමැති අතර, කඩිනමින් එම නම් කිරීම සිදු කරනු ඇති.

පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන හයිදරාබාද් වෙත කෝලි ඉරිදා දිනයේ දී පැමිණ ඇතත්, ඔහු සදුදා දිනයේ දී පුහුණුුවීම් සදහා සහභාගී වී නැහැ.

දකුණු අප්‍රිකාව සමග මෑතකදී නිමා වූ ටෙස්ට් තරගාවලියට කෝලි ක්‍රීඩා කළ අතර, අනතුරුව ඇෆ්ඝනිස්තානය සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ද ඔහු පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා කළේ නැහැ.

දකුණු අප්‍රිකාවේ පැවැති සීමිත පන්දුවාර තරගාවලියන්ගෙන් විරාත් කෝලි විවේක ගන්වා තිබුණා. පසුව ටෙස්ට් තරගාවලියට පෙර පැවැති තෙදින සංචිත අභ්‍යන්තර පුහුණු තරගය ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ඔහු හදිසියේ යළි ඉන්දියාව බලා පිටත්ව ගිය බැවිනුයි.

කෝලි වෙනුවට එංගලන්තයට එරෙහි පළමු තරග දෙක සදහා චෙටස්වර් පුජාරා, රාජත් පටිදර්, අභිමන්යු ඒස්වරන් හෝ සර්ෆරාස් ඛාන් නම් කිරීමට ඉඩ පවතිනවා.

“Virat has spoken to captain Rohit Sharma, the team management and the selectors and has emphasized that while representing the country has always been his top priority, certain personal situations demand his presence and undivided attention,” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

මීට පෙර පෞද්ගලික හේතුවක් මත ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් වීමට එංගලන්ත පිතිකරු හැරී බෘෘක් ද තීරණය කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලිය එළඹෙන 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

India squad for first two Tests against England

Rohit Sharma (c), Shubman Gill, Yashasvi Jaiswal, Shreyas Iyer, KL Rahul (wk), KS Bharat (wk), Dhruv Jurel (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohammed Siraj, Mukesh Kumar, Jasprit Bumrah (vice-capt), Avesh Khan

England Test squad:

Ben Stokes (c), Rehan Ahmed, James Anderson, Gus Atkinson, Jonny Bairstow, Shoaib Bashir, Dan Lawrence, Zak Crawley, Ben Duckett, Ben Foakes, Tom Hartley, Jack Leach, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood.

Comments (0)
Add Comment