කෝටි ගණනකට අලෙවි වූ ටෙස්ට් හිස් වැසුම

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි ටෙස්ට් හිස් වැසුමක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 8.6 ක් පමණ) මිලදී ගෙන තිබෙනවා.

එය බ්‍රැඩ්මන් විසින් 1946-47 අළු බඳුන තරගාවලියේදී පැළද සිටි හිස්වැසුම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එය මිලදී ගැනීමට වැය වූ පිරිවැයෙන් අඩක් ෆෙඩරල් රජය විසින් දරා ඇති බව සදහන්.

1946-47 අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ද ඩොන් බ්‍රැඩ්මන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගාවලිය වූයේ ද එම තරගාවලියයි. ඔස්ට්‍රේලියාවේ පැවැති එම තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට තරග 3-0 ක ජයක් හිමි වුණා.

බ්‍රැඩ්මන් විසින් ටෙස්ට් හිස් වැසුම් 11 ක් පැළදි බවට වාර්තා වන අතර, එක් හිස්වැසුමක් මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනෙක් හිස් වැසුම් නවය පවතින ස්ථාන ප්‍රසිද්ධියට පත් කර නැහැ.

top
Comments (0)
Add Comment